ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීයාට එරෙහිව CID විමර්ශන ඇරඹේ !

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීයාට එරෙහිව CID විමර්ශන ඇරඹේ !

කොටහේන - දෙහිවල  ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ  සිද්ධියේ  ප‍්‍රධාන සැකකරු වූ ලෙෆ්ටිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා මූලස්ථානය තුළ නවාතැන් ලබාදීමට අදාළව  හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන  සම්බන්ධව වහාම  විමර්ශනයක් පවත්වා අධිකරණයට  වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්කර ඇත.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අතුරුදන්ව සිටින ලෙෆ්ටිනන් කමාන්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අය අවසන් වරට නාවික හමුදා මූලස්ථානයේ නවාතැන්ගෙන සිටින අවස්ථාවේදී ඔහුගේ කාමරයේ ආසන්නයේ නවාතැන්ගෙන සිටි නාවික හමුදා නිලධාරියකුගේ ප‍්‍රකාශයකට අනුව මෙම කරුණු තහවුරු වී ඇතැයි ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙද්දී එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහුට රැකවරණ ලබාදී තිබුණු ward room නම් නාවික හමුදා නිලධාරී නිවස්නයෙහි අංක 8 වන නිවසේ ඡායාරූප  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අධිකරණයට ඉදිරිපත් කර ඇත. 

ඊට අමතරව  ඔහු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව විසින් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් දිනය වන විටත් ඔහු අදාළ නාවික හමුදා නිවස්නයෙහි රැඳී සිටි බවට සාක්ෂි සඳහා ඔහුට එම දිනවල නාවික නිලධාරී භෝජනාගාරයෙන් ආහාර නිකුත් කළ බවට සඳහන් ලේඛන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න