පොහොට්ටුවට වැඩ කල පළාත් සභා මන්ත්‍රීලා : පොහොට්ටුවටම යන බව කියලා !

පොහොට්ටුවට වැඩ කල පළාත් සභා මන්ත්‍රීලා : පොහොට්ටුවටම යන බව කියලා !

මධ්‍යම පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව සඳහන් කර  මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කර ඇත.

ඊයේ  (19) පැවති  මෙම මාධ්‍ය හමුවට  පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස ,  ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක  යන පළාත් සභා මන්ත්‍රීවරුන්  සහභාගීවූ  අතර ඉදිරියේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ  කටයතු කරන බවත් ඔවුන් පවසා ඇත.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළත් ඔවුන් පසුගිය සාමය පුරා දේශපාලන කටයුතු සිදුකර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සමඟ බවය.

එසේම මෙම කණ්ඩායම බොහෝ අලුතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ බව පෙන්වීම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් එසේම මෙහි අපේක්ෂාව මේ වන විටත් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ තිබෙන අර්බුදය වෙනත් අතකට යොමුකර ඊට එල්ලවන සමාජ අවධානය වෙනතකට හැරවීම බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න