මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වුවත් : ඇමරිකාවේ සහය ලංකාවට !

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වුවත් : ඇමරිකාවේ සහය ලංකාවට !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ඉටු කිරිම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව මෙරට ඇමරිකානු  තානාපති අතුල් කේෂාප් රජයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

තමන්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බවට ඇමරිකානු  රාජ්‍ය ලේකම් ඊයේ (20) නිවේදනය කිරීමෙන් පසුව මෙරට ඇමරිකානු  තානාපති අතුල් කේෂාප් රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් හමුවී මේ බව දැනුම්දුන් බව  ඇමරිකානු  එක්සත් ජනපද තානාපති කාර්යාලයද සඳහන් කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මේ බව සඳහන් කරන අතර   ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහය යටතේ 2015 වසරේදී සහ 2017 වසරේදී යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති බවත්  එම යෝජනාවල ඇති කරුණු සපුරා ගැනිම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එහි සඳහන් කර ඇත.

අදාළ යෝජනාවල කරුණු සපුරා ගැනිමේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනිම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම තුළින් ලොව පුරා සිටින මිතුරන්  සහ හවුල්කරුවන් සමග කටයුතු කිරිමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු වන බවද එහි සඳහන් අතර ශ්‍රී ලංකාව සමඟ ඇතිකර ගත් අන්‍යෝන්‍ය සබඳතාව පවත්වාගනිමින්  ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවෙ ප්‍රගතිය වෙනුවෙන් ඉතා සමීපව කටයුතු කරන බව අමෙරිකානු තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න