Image

සජිත් ගේ තේරීම් කාරක සභා යෝජනාවෙන් ආණ්ඩුවට තවත් තොණ්ඩුවක්

සජිත් ගේ තේරීම් කාරක සභා යෝජනාවෙන් ආණ්ඩුවට තවත් තොණ්ඩුවක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කියන්නේ සමාජයක විශේෂම කොටසක්. එහෙම වෙන්නේ සමාජය පිළිබද විනිශ්චයක් ලබාදෙන සමාජය සදාචාරාත්මක ලෙස හසුරුවන පිරිසක්වීම නිසයි.

කොහොම් වුණත් ආණ්ඩුව තනි මතයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම හරහා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් එකම මේසයකට සජිත් කැඳෙව්වේ පහුගිය 23 වෙනිදා. සජිත් ගේ මේ ඉල්ලීම පිළිගත් රනිල්, දිනේෂ්, හකිම්, මනෝ, ජී.එල්, නිමල්, නාමල්, දිගා, තොන්ඩා, චම්පික, විමල්, උදය ඇතුළු විපක්ෂයේ සියලු ම නායකයින් එදා මේ සාකච්ජාවට ආවා.

නියම නිහතමානී නායකත්වය

ආණ්ඩුව කියනවා ලක්ෂ 11ක නඩු ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. මේ නඩු විසඳන්න ක්‍රමයක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කරමු, එහෙම කිව්වේ රනිල්, එදා රනිල් කියපු ඒ අදහස කිසිම පැකිලීමක් නැතුව සජිත් අද ක්‍රියාවට නැංවුවේ, ඒ සාකච්ජාවෙන් පස්සේ රැස්වුන පළමු පාර්ලිමේන්තු දවසෙ ම යි. ඒ තමයි විපක්ෂ නායක සජිත්, කවුරු හෝ හරි දෙයක්, වැදගත් දෙයක්, ප්‍රායෝගික දෙයක් කිව්වද ඒක, එයා කියපු නිසා මම කරන්නේ මොකටද කියලා හිතන්නේ නැතුව ඔහු ඒක ක්‍රියාවට නංවනවා. අනේ ප්ලීස් එයා කියපු නිසා මම කරන්නේ නෑ කියලා සජිත් ඒ කටයුත්ත පස්සට දාන්නේ නෑ. ඒක තමයි නියම නිහතමානී නායකත්වයක් කියන්නේ, නායකයෙක් කියන්නේ අන් මතවලට ඇහුන්කම් දීමත්, අන් මතවලට ගරු කිරීමක් කරන්න ඕන කෙනෙක්.

WhatsApp Image 2026 08 04 at 5.03.10 PM

අද අගොස්තු 04 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානාකවරයා හමුවට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම, ගොඩගැසෙමින් ඇති නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා ලිඛිත ඉල්ලීමක් කළා.

 

ගැටලු ගැටුම් දක්වා පරිවර්තනය වෙමින්

කථානායකතුමා.., මේ නඩු ගොඩගැහෙන්න කරුණු කිහිපයක්ම හේතුවෙලා තියෙනවා. විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමෙන් මේ ගැටලුවට විසදුම් සොයන්න බෑ.. සජිත් කතානායකවරයාට කරුණු පැහැදිලි කළා.

අධිකරණවල විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කරල නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ. මේ නිසා  රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්‍රමාද වෙනවා. ඉතිං නඩු කටයුතුත් ප්‍රමාද වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ අධික රාජකාරි ප්‍රමාණයක් ගොඩගැසිලා. මේ බව අධිකරණ ඇමතිතුමත් පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී පිළිගත්තා සජිත් කීව්වා.

ඒ වගේම තමයි බන්ධනාගාර තුළ ඉඩකඩ ප්‍රමාණවත් වන්නේ රැඳවියන් 10,000කට. ඒත් බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය 40,000ට වැඩියි. මේ නිසාම සිරකරුවන් ගේ පෞද්ගලික අවශ්‍යතා, ආහාර සහ සනීපාරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති වෙලා. එම ගැටලු ගැටුම් දක්වා ද පරිවර්තනය වෙමින් තිබෙනවා.

 

ප්‍රායෝගික විසඳුමක් කෙරෙහි කතානායක ගේ අවධානය

බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගෙන් 75%ක් පමණ නඩු කටයුතු අවසන් නොවීම හේතුවෙන් බන්ධනාගාර ගතවූ පිරිස්. තවත් පිරිසක් තමන්ට නියම වූ දඩ මුදල ගෙවාදැමීමට නොහැකිවීමෙන් යළිත් බන්ධනාගාරගත කර සිටිනවා.  ඒක "දුප්පත්කමට නිසා දඬුවම් ලැබීමේ" ප්‍රශ්නයක්.

ඒ වගේම ඇප නීතියේ පවනිත දුර්වලතා තියෙනවා. දඩ ගෙවා දැමීමට නොහැකිව බන්ධනාගාර ගතවන පුද්ගලයින්ට විකල්ප දඬුවම් ක්‍රමවේදයක් හෝ ඔවුන් සමාජගත කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත් කඩිනමින් සිදු නොකර විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා මේ ගැටලුවට විසදුම් සෙවීම ප්‍රායෝගික නෑ…,

සජිත් දීර්ඝව කතානායකවරයාට සිට ස්ථාවරය දැනුම්දුන්නේ එලෙස ය.

ඔබතුමාගේ යෝජනාව ගැන මම අවධානය යොමු කරල ආණ්ඩුවේ නායකයින් දැනුම්වත් කරන්නම්... කතානායකවරයා කීවේය.

එහිදී සජිත් කීවේ මේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලුවලට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විසදුම් සෙවීම කාලෝචිත ක්‍රියාමාර්ගයක් වන බැවින් ඒ කෙරෙහි කතානායකවරයා ලෙස නිසි අවධානය යොමු කළ යුතු බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න