Image

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කනස්සල්ල පළ කරයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කනස්සල්ල පළ කරයි

රජය විසින් ගැසට් කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ වන ඇප සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන පිළිබඳ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය දැඩි කණස්සල්ල පළ කර ඇත.

එම සංවිධානය මෙලෙස සිය කනස්සල්ල පළ කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

යෝජිත සංශෝධන පනත මගින් ඇප පනතේ සිය වන බහුතරයක් කරුණු ඇප ලබාදිය නොහැකි වරද ලෙස අර්ථ ගන්වන බවත්, මෙහිදී වඩාත්ම තීරණාත්මක වන්නේ, පුද්ගලයෙකු රු. 100,000 ට නොඅඩු අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම හෝ පිරිනැමීම ඇප ලබාදිය නොහැකි වරදක් බවට පත් කිරීම බවත්, තව ද, රජයට රු. 500,000 ට නොඅඩු පාඩුවක් සිදු කළ දූෂණයක් හෝ රු. 500,000 ට නොඅඩු ප්‍රතිලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැක කරන සැකකරුවෙකුට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ සහතිකයක් මත මහෙස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගැනීමට ඇප පනත මගින් ලබාදී ඇති අවස්ථාව අහිමි කර තිබෙන බැවින් එවැනි සැකකරුවෙකුට යෝජිත පනත යටතේ ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් සුවිශේෂී අවස්ථාවන්හි දී පමණක් යැයි ද එම නිවේදනයෙහි සඳහන් වේ.

මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන් ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි.

 

fll18858658

flli276767

fli88754745

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න