ලක්මාල් ධර්මරත්න අධ්යක්ෂණය කළ 'වාලම්පුරි' (2025) චිත්රපටයේ ඩීසීපී (DCP) පිටපත අගෝස්තු 8 සෙනසුරාදා, පස්වරු 1 ට, කොළඹ 07 ජාතික චිත්රපට සංස්ථා ශාලාවේදී (තරංගනී) නොමිලේ ප්රදර්ශනය වේ.
චිත්රපටය පිළිබඳව ලියැවුණු විචාර එකතුව කෘතියක් ලෙස එළිදැක්වීම හා විචාරාත්මක සම්මන්ත්රණයක් ද පස්වරු 3.30 ට එහිදීම පැවැත්වේ.
සිනමා විචාරක බූපති නලින් හා බුද්ධිම විතානගේ මෙහිදී අදහස් දක්වන අතර මෙම වැඩසටහන වන මිමී 13 සංගමය විසින් සංවිධානය කරයි. ජාතික චිත්රපට සංස්ථාව මීට පූර්ණ ප්රදර්ශන අනුග්රහය දක්වන අතර කෘතිය Nine Publishers හා ඒකාබද්ධ ප්රකාශනයකි.
මෙම අවස්ථාවට එක්වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටියි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
