22වන ව්‍යවස්ථා සංශෝධනය යනු කිසිසේත් සිල්ලර කාරණයක් නොවන බවත්, අපි මෙතෙක් දුරට භුක්ති විඳි සහ අගය කළ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, මිනිස් අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගන්නවා ද, එසේත් නොමැති නම් ඒ සියල්ලක්ම විනාශ වීමට අපි ඉඩ තියෙනවාද යන ප්‍රශ්නයට අද අපි අද මුහුණ දී ඇතැයි ජනතාවාදී විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනතාවාදී විපක්ෂය විසින් සංවිධානය කරන ලද, ඊයේ (30) ගාල්ල නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමිනි.
රජයේ පාර්ශ්වයෙන් ඉතාමත් භයානක ප්‍රකාශ දැනටමත් සිදු කළ ඇති බවත්, ඒ් අතර 'අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු පහකට ආණ්ඩු කරන්න නෙවෙයි. අපි හුඟක් දුක් විඳලා මේ තනතුරුවලට පැමිණියේ. අවුරුදු 20ක් 25ක් අපි මේ බලය හසුරුවනවා. අපිව හොල්ලන්න බැහැ. අපි ලබාගත් බලය ලේසියෙන් අතහරින්නේ නැහැ.' එළිපිට, ප්‍රසිද්ධියේ මෙහෙම ප්‍රකාශන දිගින් දිගටම කරනවා. 'අපිට බලය තියෙනවා. අපි ලබාගත් බලය අතහරින්න අපිට කිසිම සූදානමක් නැහැ.' යැයි කිසිම පැකිලීමකින් තොරව වර්තමාන රජයේ බලධාරීන් පවසා ඇති බව ද මෙහි දී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මෙම සම්මන්ත්‍රණයේ දී: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන අය ද අදහස් දැක්වූහ.
මතු පළ වන්නේ ඔවුන් එම සම්මන්ත්‍රණයේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න මෙතනින්




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
