X press Pearl නෞකාව ලංකාව මුහුදේදී ගිනිගෙන ගිලී යෑම හේතුවෙන් ලංකාවේ සාගර කලාපයට පරම හානියක් සිදු වූ බවත්, එම නිසා සමුද්‍ර ජීවීන්ට සහ ධීවර පවුල් දහස් ගණනකට බරපතළ අගතියක් සිදු වූ බවත් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ X press peral නැවේ ඩොලර් බිලියනයක වන්දිය අහිමිවීම පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට විශේෂ පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම පැමිණිල්ල පාදක කරගනිමින් අගවිනිසුරු හා මේ රටේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසය ඇති කිරීම සදහා අල්ලස් කොමිසම සහ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විමර්ශන කඩිනම් කරතැයි තමන් ප්රඹුඛ කණ්ඩායම බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
අදහස් දැක්වීම කියවන්න පිවිසෙන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
