Image

සම්බුද්ධ ශාසනයේ සම්ප්‍රදාය සුරැකුමත්, බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙමු - විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනයේ සම්ප්‍රදාය සුරැකුමත්, බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙමු - විපක්ෂ නායක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දින අධිකරණය වෙත රැගෙන ඒමේදී උන්වහන්සේගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් ඇන්දවීමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  තම අදහස දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව, විත්තිකරුවකු අධිකරණයට රැගෙන එන විට ඔහුට අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු සිවිල් ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩකඩ ලැබී තිබෙන අතර, එවන් පසුබිමක භික්ෂූන් වහන්සේනමක් හෝ වෙනත් ආගමික නායකයෙකු, තමන් නියෝජනය කරන ආගමික ආයතනයේ  දැනුවත්භාවයකින් හෝ උන්වහන්සේගේ හෝ පූජකතුමන්ගේ කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් රැගෙන ඒම නුසුදුසුය බවය.

තවද එහි අවධාරණය කර ඇත්තේ, භික්ෂූත්වය හෝ  අදාල වෙනත් ආගමක නිලභාවය පිළිබඳ තීරණය ගත  යුත්තේ එම ආගමික ආයතනය බවයි.

එම නිසා මෙවන් සංවේදී කටයුතුවලදී අතිපූජනීය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ හෝ වෙනත් ආගමක නම් එහි නායකත්වයේ  දැනුවත්භාවයෙන් සහ අනුමැතියෙන් ක්‍රියා කළ යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවද සජිත් ප්‍රේමදාස  නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහත සදහන් වේ.

2026.10.06 sin page 0001 1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න