Image

විමල් ඇතුළු පිරිසගේ නඩුව ජනවාරි 7 දක්වා කල් යයි

විමල් ඇතුළු පිරිසගේ නඩුව ජනවාරි 7 දක්වා කල් යයි

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 07 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (2) නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් වැඩිදුර සාක්ෂි විභාගය මෙලෙස කල් තබා තිබේ.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊට අදාළ 8 වන සාක්ෂිකරු අධිකරණයේ පෙනී සිටියේය. ඔහුට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළ අතර, 5 වන සාක්ෂිකරු අද අධිකරණයේ පෙනී නොසිටිම නිසා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළා.

විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය මෙම නඩුවේ සැකකරුවන් වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න