Image

විශ්ව හෙළ පදනමෙන් තවත් උතුම් සමාජ සත්කාරයක්!

 විශ්ව හෙළ පදනමෙන් තවත් උතුම් සමාජ සත්කාරයක්!

අඩු ආදායම්ලාභී ජනතාවට යම් පමණකින් හෝ සහනයක් සැලැසිමේ අරමුණින් ඇරඹි  විශ්ව හෙළ පදනම මගින් පසුගියදා සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කළේය.

ඒ අනුව විශ්ව හෙළ පදනමේ නිර්මාතෘ නෙළුම් රම්‍යා කපුගේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්, අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කන්නාඩි බෙදාදීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර පිරිනැමීම සිදුකෙරිණි.

WhatsApp Image 2026 11 02 at 2.36.56 PM

ආර්ථික දුෂ්කරතා හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව නෙළුම් රම්‍යා කපුගේ පැවසුවාය.

“නෙළුම් මලක් සේ පිරිසිදු මනුෂ්‍යත්වය” යන උදාර සංකල්පය පෙරදැරි කරගනිමින්, විශ්ව හෙළ පදනම ඉදිරියටත් මෙවැනි මානුෂීය සත්කාරයන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඇය සදහන් කළාය.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න