පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ දී තරුණයන් පිරිසක් විසින් මත්පැන් පානය කරමින් සිටියදී හටගත් ආරවුලක දී එක් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය අද (2) නියෝග කළේය.
සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ජේසු සරන් නැමති 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස මියගොස් ඇති අතර, මියගිය තරුණයාගේ සිරුර කිරිඳිවැල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් එහිදී පුළුස්සා දමා ඇති බවයි දක්වා තිබුණේ.
අනතුරුව එලෙස පිලිස්සූ මළ සිරුරේ කොටස් කොස්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඇස්වත්ත පාලම මතින් කැළණි ගඟට දමා ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් නාවික හමුදාවේද සහාය ඇතිව එම ශරීර කොටස් සෙවීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
