ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (3) දින නියම කළේය.
ඒ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
2009 අගෝස්තු 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේදී සෙල්ලදොරෙයි කොලවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බියගන්වා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබූ මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම ඇතුළු අධිචෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
සම්පත් මනම්පේරි සහ නෙරංජන් පෙරේරා නැමැත්තා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
මිද්දෙණිය ප්‍රදේශයේ 'අයිස්' මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
