Image

ටාවි සමරවීරගෙන් යුරෝපයේදී පිට පිටම දෙවැනි රන් පදක්කම!

ටාවි සමරවීරගෙන් යුරෝපයේදී පිට පිටම දෙවැනි රන් පදක්කම!

ලෝකයේ අංක එකේ යොවුන් (U-11) ටේබල් ටෙනිස් ක්‍රීඩක ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර සහභාගී වු ‘WTT Youth Contender 2026’ ලෝක ශ්‍රේණිගත කිරීම් ටේබල් ටෙනිස් තරගාවලියක් වන ‘WTT Youth Contender Senec 2026’ තරගය ස්ලෝවැකියාවේ දී පසුගියදා පැවති අතර,  එහි වයස අවුරුදු 11න් පහළ බාලක කේවල අංශයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර සමත් විය.

මෙම තරගාවලියේ  අවසන් මහා තරගයේදී ස්ලෝවැකියාවේ අංක 1 ක්‍රීඩකයා වට 3–1ක් ලෙස පරාජය කිරීමට ටාවි සමත් විය.

taavi2i

 

ඉදිරි තරඟ සංචාර

මෙම ජයග්‍රහණයෙන් පසු ටාවි සමරවීර නැවත වරක් මොන්ටිනිග්‍රෝ (Montenegro) හි පැවැත්වෙන ලෝක ශ්‍රේණිගත කිරීම් තරග දෙකකට සහභාගී වීමට නියමිතව ඇත . ඒ අනුව ,

WTT Youth Contender Podgorica 2026

November 3–6, 2026

 

WTT Youth Star Contender Podgorica 2026

November 7–9, 2026

මෙම තරගාවලි සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ස්ථානවල සිටින ටේබල් ටෙනිස්  ක්‍රීඩකයන් එකිනෙකා හමුවෙන දැවන්ත තරගාවලි වන අතර මෙම ‘WTT Youth Contender 2026’ සියළුම තරගාවලි ලෝක ශ්‍රේණිගත කිරීම් තරග ලෙස ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (International Table Tennis Federation -  ITTF ) මගින් පැවත්වේ.

WhatsApp Image 2026 11 02 at 10.28.17 AM

මේවන විට ටාවී සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, ටාවි ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ඔහුගේම පියා හසිත සමරවීර වීම විශේෂත්වයකි.

ටාවි සමරවීර මෙම වසරේ සහභාගී වන අවසන් ලෝක ශ්‍රේණිගත කිරීම් තරගාවලිය මෙය වේ.

 

WhatsApp Image 2026 11 01 at 10.09.40 PM

 

 

 

සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න