ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් රචනා කරන ලද ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි පරිවර්තන කෘතිය වන ‘BLOOD LACED TEARS’ දැන් පාඨකයන්ට ඇණවුම් කර වෙන්කරවා ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.
මෙම කෘති ද්විත්වය 2026 නොවැම්බර් 12 වැනිදා එළිදැක්වීමට නියමිතය.
කොබෙයිගනේ රූමතියගේ ඝාතනය වටා ගොඩනැඟුණු අභිරහස, ඒ සම්බන්ධ විමර්ශන කටයුතු, නීතිමය පසුබිම සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ කරුණු මෙම කෘති හරහා විමර්ශනයට ලක් කෙරේ.
අපරාධයක් පිටුපස සැඟවී ඇති මනුෂ්‍ය ජීවිතවල වේදනාව මෙන්ම අපරාධ යුක්තිය, නීතියේ භූමිකාව සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව ද පාඨකයාට ගැඹුරු අවබෝධයක් ලබාදීම මෙම කෘතිවල අරමුණයි.
වසර ගණනාවක් පුරා සමාජයේ කතාබහට ලක්වූ අපරාධයක නීතිමය සහ මානුෂීය පැතිකඩ විමසා බැලීමට අවස්ථාව සලසන මෙම කෘති ද්විත්වය දැන් ඔබට ඇණවුම් කර වෙන්කරවා ගත හැකිය.
එමෙන්ම කෘති එළිදැක්වීමේ විශේෂ උත්සවය 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිත අතර, එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ද පාඨකයන්ට හිමි වේ.
ඔබේ පිටපත මෙතනින් වෙන්කරවා ගන්න -
‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ -
https://slbooks.lk/books/miscellaneous/kobei-nethaka-le-kandulak
‘BLOOD LACED TEARS’ -
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
