2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් වීම හේතුවෙන්, එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ හෙට දින (නොවැ: 11) කැඳවන ලෙස එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැ: 10) නියම කළේ ය.
මෙම අභියාචනා පෙත්සමේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම සඳහා එය විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී විනිසුරු පී. කුමාරන් රත්නම් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදුණු තීන්දුවක් වන බැවින් එම අභියාචනා පිළිබඳ පෙත්සම සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බව ය.
ඒ අනුව, අදාළ අභියාචනය හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේ ය.
මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
