Image

සී.බී.රත්නායකට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර

සී.බී.රත්නායකට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර

මුදල් විශුද්ධීකරණ පනත යටතේ  දූෂණය නමැති වරදක් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අද (10) කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේය.

ඒ අනුව, සිද්ධියට අදාළ වැඩිදුර වර්තා කැඳවිමට මහේස්ත්‍රාත්වරයා පෙබරවාරි 23 වන දින නඩුව යළි කැඳවිමට නියෝග කළේය.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායකට එරෙහිව නඩුවක් පවරා තිබේ.

සිද්ධියට අදාල සැකකරු මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.

පෙබරවාරි 23 නඩුව යළි කැඳවිමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න