Language Switcher

V2025

රවී සංහිඳියාවට පාර කපයි : ඥානසාර හිමි සහ කාදිනල් හිමි එක්කරයි

බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක් ඊයේ (14) උදැසන කාදිනල් නිල නිවසේ පැවති සාකච්ජාව සංවිධානය කරනු ලැබුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක මහතා විසින් බව 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

කාදිනල් තුමන්ගේ කාර්යාලය සඳහන් කරන පරිදි ඥානසාර හිමි සහ මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර ඊයේ පැවතියේ දෙවන සාකච්ජා වටයි.

ජාතික හා ආගමික ගැටුම් සම්බන්ධයෙන් සියලු පාර්ශව සමග සාකච්ජා කිරීමට සුදානම් බවට ඥානසාර හිමියන් පසුගියදා කල ප්‍රකාශයෙන් පසුව රවී කරුණානායක මහතා විසින් මෙම සාකච්ජා වටය සුදානම් කර තිබේ.

බොදු බල සේනා සංවිධානය සහ මුස්ලිම් ආගමික නායකයින් අතර ද සුහඳතාවයක් ඇති කිරීමට රවී කරුණානායක මහතා පසුගියදා උත්සහදරා තිබිණ.

 සිංහල බෞද්ධ අනන්‍යතාව:

ඊයේ පැවති සාකච්ජාවේදී රට තුල සිදුකෙරෙන වන්ද්‍යාකරණ වැඩ පිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකල ප්‍රකාශයට ස්තූතිය පලකල ඥානසාර හිමි 2012 වසරේදී මේ පිලිබදව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ද්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්ෂි සහ විස්තර කාදිනල්වරයාට ලබාදෙන ලදි.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගැනීම සියල්ලගේම වගකීමක් බව පැහැදිලි කල කාදිනල්වරයා අප සතුව පවතින වටිනාකම් ආරක්ෂා කරගන කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි කර සිටියා.

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාව සදහා සහබාගි විය.

View the embedded image gallery online at:
http://newstube.lk/news/296-2017-12-15-03-55-35#sigProId5ff00efaf3