ශ්‍රී ලංකන් එයාර් අස්සේ - මිලියනේ වැටුප් ගැස්සේ

ශ්‍රී ලංකන් එයාර් අස්සේ - මිලියනේ වැටුප් ගැස්සේ

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ 110 කට ආසන්න සේවක පිරිසක් මාසයකට එක් අයෙකු සඳහා රුපියල් මිලියනයකට අධික වැටුපක් ලබමින් සිටින බව හෙළිවී ඇත.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති අර්බුද සහ එය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව සිදුකළ විමර්ශන වලදීය.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍යවරයා පත්කළ මෙම විශේෂ කමිටුවේ වාර්තාව ලබන දෙසැම්බර් අවසානයේ අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතව ඇත. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ වාර්තාව පාදක කරගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව ආණ්ඩුව තීරණයක් ගනු ඇති බවය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් 110ක් මේ ආකාරයට මාසිකව මිලියනයකට වැඩි වැටුපක් ලබමින් සිටියත් 2017 වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවතියේ රුපියල් බිලියන 169 ක සමුච්චිත අලාභයක් වාර්තා කරමින් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න