එකාබද්ධයෙන් ජනපතිට පොරොන්දුවක් !

එකාබද්ධයෙන් ජනපතිට පොරොන්දුවක් !

පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහාය පළකරන බවට ද මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඒකාබද්ධයේ විශාල පිරිසක් ජනාධිපතිවරයා හමුවී පොරොන්දු වී ඇතැයි ශ්‍රීලනිප ප්‍රබලයකු විසින් ප්‍රකාශයට පත්කරන 'සත්හඬ' පුවත්පත වාර්තා කර තිබේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීම ආරම්භ වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන සාමාජික පක්ෂ සහ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට යාම නිසා අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

යළිත් වරක් වර්ධනය වෙමින් පවතින රාජපක්ෂ පවුල්වාදය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව එම පුවතින් වැඩිදුරටත් පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න