විමල්ගේ බිරිය නිසා විජේවීර බිල්ලට

විමල්ගේ බිරිය නිසා විජේවීර බිල්ලට

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ජගත් ටී විජේවීර මහතා අධිකරණ නියෝගයක් ලබාගෙන අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවට තොරතුරු වාර්තාවේ.

එවකට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ජගත් ටී. විජේවීර මහතා විසින් කිසිදු ලියකියවිල්ලක් නොමැතිව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශශී වීරවංශ මහත්මියට ව්‍යාජ හැදුනුම්පතක් නිකුත් කිරීමට අදාළව සිදු කරන පරීක්ෂණයක් සඳහා ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කිසිදු ලියවිල්ලක් නොමැතිව ශශී වීරවංශ මහත්මියගේ වයස අඩුකර ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලද්දේ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයකට අනුව බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයේ සාක්ෂි දෙමින් කියා සිටියේය.

(සත්හඬ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න