Language Switcher

V2025

ITN විකුණා දැමීමේ සුදානමක් !

ස්වාධීන රූපවාහිනී නාලිකාව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව 'යුක්තියට හඬක්' නමින් වූ බැනරයක් යටතේ මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ එම ආයතනයේ සේවය කල සුදර්මන් රදලියගොඩ මහතා කියා සිටියි.
පාඩු ලබන බව පෙන්වමින් ස්වාධීන රූපවාහිනිය විකුණා දමනු ඇති බව සුදර්මන් රදලියගොඩ මහතා එහිදී සදහන් කළේය. 

කෙසේ වුවත් ITN  ආරංචි මාර්ග සඳහන් කරන්නේ එදා පිස්තෝලයක් මේසය මත තියාගෙන ආයතන සේවකයින්ට තග දැමු සුදර්මන්, අද ITN නාලිකාව ලබා ඇති ප්‍රගතිය හමුවේ කලබලයට පත්ව සිටින බවය.

මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටින්නේ  ITN ආයතනය විකුණා දැමීමට කිසිඳු අදහසක් නොමැති බවත් එම ආයතනය රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පරිදි ප්‍රතිසංවිධානය කරන බවත් ය.

ITN සම්පත් CSN නාලිකාවට පැවරුවේ කව්ද ?

 ITN ආයතනයේ සම්පත් රාජපක්ෂලාගේ CSN නාලිකාවට යොදාගත් සමයේ මෙන්ම itn ගුවන් කාලය මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරණ දැන්වීම් සඳහා කිසිඳු ගෙවීමකින් තොරව භාවිතා කරන සමයේ සුදර්මන් නිහඬව සිටියේ ඔහු ඒ වන විටත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි නිසාය. ඒ සමයේ ඔහු අධිකරණ නියෝග වලට පවා පිටුපා සිටියේ රාජපක්ෂලාගේ හෙංචයියෙක් වීමේ අනුහස යොදා ගනිමින්ය.එසේම සුදර්මන් කියන්නේ මාධ්‍යවේදියා කියන නමටත් අගෞරව වන ආකාරයට හැසිරුණු අයෙකු බව නොදන්නා කෙනෙක් නැත. ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි යන චෝදනාව ඊට ඇති එක් සාක්ෂියක් ලෙස දැක්විය හැකිය.

එපමණක් නොව ඒ  රාජපක්ෂ පාලන සමයේදී ටෙලිනාට්‍ය විකාශය සඳහා ඇමතිවරුන්ට, ඇමති හෙන්චයියලට, ආයතන ප්‍රධානීන්ට මුදලින් පමණක් නොව ලිංගික අල්ලස් දීමට පවා සිදුවූ තත්ත්වයක් නිර්මාණය කළේද සුදර්මන් බව මාධ්‍ය ක්ෂේත්‍රයේත් කලා ක්ෂේත්‍රයේත් නොදන්නා කෙනෙක් නැත. තවද ආයතනයෙන් ලබාදෙන වාහනයේ විදුරුකළු කලේ ඇයි ? යන්නත් ITN නිල කාමරයට තිර රෙදි ඇද්දේ ඇයි? යන්නත්  කියන කාරනා  ආයතන සේවකයින් හොඳින් දන්නා බවද ඔහුට සිහිපත් කළ යුතුව ඇත.

එසේම දැන් ITN ආයතනය තුල දේශපාලන පලිගැනීම් හෝ  ලිංගික අල්ලස් ගැනීම් නොමැතිබවත්, සුදර්මන්ගේ  සොයුරවන මංගල රදලියගොඩ මහතා කිසිඳු දේශපාලන පළිගැනීමකින් තොරව, නියමිත උසස්වීම් පවා ලබගනිමින් සිටින බවත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ටෙලිනාට්‍ය විකාශය කිරීමේදී විනිවිද භාවයෙන් යුතුව අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැනත් ආයතන සේවකයින් මෙන්ම මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැත.

සැබවින්ම සුදර්මන්ලා වැනි උදවිය කලබල වී ඇත්තේ රාජ්‍ය මාධ්‍ය අලුතින් හඳුන්වා දී ඇති ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ලැබෙමින් ඇති ජනතා ප්‍රසාදය නිසාය.ITN හී නම් කූඹියෝ,සහෝදරයා,  වැනි රසවත් ටෙලි නිර්මාණ නිසා එම ආයතන පත්ව ඇති සාර්ථකත්වය හමුවේය.