මහින්ද කැබිනට් මණ්ඩලයම පාවා දෙයි !

මහින්ද කැබිනට් මණ්ඩලයම පාවා දෙයි !

බල තන්හාවෙන් වියරු වැටී පන්සල් හන්දි ගානේ ඇවිදිමින් ගජබින්න දෙසමින් සිටි මහින්ද රාජපක්ෂ දැන් මහා පාවාදෙන්නෙකු බවටද පත්ව ඇත.

හිටපු ජනාධිපති ඒ පාරේ  කොතරම් දුරක් ගිහින්ද කියනවා නම් ඔහු ඊයේ (24) සිය කැබිනට් මණ්ඩලයම පාවා දුන්නේය.

ඒ තම පාලන සමයේ  ජනමාධ්‍යවේදීන්ගේ නිදහස  අහිමි වූවා නම් ඊට එවක කැබිනට් මණ්ඩලයද වගකිව යුතු බව කියමින්ය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  පැපිලියාන සුනේද්‍රාදේවී පිරිවෙණේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්ය.

තමන්ගේ ආණ්ඩුව පැවති කාලයේ දී මාධ්‍ය නිදහස නැති වුයේ නම් ඒ පිළිබඳ වත්මන් ජනාධිපතිවරයාත් දැන ගත යුතු බවත් ඒ සමයේ  උතුරට පවා ජනමාධ්‍ය නිදහස හිමි වු බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

දැන් මේ රාජපක්ෂලා සූදානම් වන්නේ  පවුල් පාලනයේ සියළු පව් කැබිනට් මණ්ඩලයම යොදවා සෝදා ගන්නටය.  වංචා, දුෂණ කාගේ කරපිටින් යවා හෝදගන්න රාජපක්ෂලාට  හැකි වුවත් මාධ්‍ය සම්බන්ධව රාජපක්ෂ පවුලේ  පව් නම් එහෙම ලේසියෙන් සෝදාගන්න ඉඩක් නැත. ඒ මාධ්‍ය මර්දනය සම්බන්ධ කාරණයේදී ඒ යුගයේ සිදුවූ සෑම පවක්ම රාජපක්ෂ නමටම ලියවී ඇති නිසාය.

ඊට එක් උදාහරණයක් වන්නේ මාධ්‍යවේදී පොද්දල ජයන්ත සහෝදරයාගේ පැහැරගැනීම ය.

මාධ්‍යවේදී පොද්දල ජයන්තගේ සුදුවෑන් පැහැර ගැනීම සිදුවන්නේ 2009 වසරේ ජුනි පළමු වැනිදාය.

ඊට මාස කිහිපයකට පෙර එක් විශේෂ හමුවක් සිදුවිය. ඒ  එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාර කළ දැනුම්දීමකට අනුව ඔහුත් මාධ්‍යවේදී සනත් බාලසුරියත් එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂව හමුවීමය. බන්දුල පත්මකුමාර පමණක් නොව  කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන සිට ඇත.

 එහිදී ගෝඨාභය මහතා මේ මාධ්‍යවේදීන් දෙදෙනාට නියෝග කර ඇත්තේ වහාම මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙසය. එහිදී මාධ්‍යවේදීන් සඳහන් කර ඇත්තේ  මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවය.

 එවකට සමස්ථ සමාජයම භීතියට පත්කරගෙන ඔළුව උදුම්මාගෙන සිටි ගෝඨාභයට මාධ්‍යවේදීන්ගේ ඒ පිළිතුර  කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’  කියා බැන වදින තරම් පහත් තැනට ගෝඨාභය ඇද වැටුනේ ඒ නිසාය.

 එපමණක් නොව එදා ඒ සාකච්ඡාව ගෝඨාභය අවසන් කරන්නේ  ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කියමින්ය. ඒ කතාව ඇසුන  පොද්දල ජයන්ත ගෝඨාභයගෙන් අසා ඇත්තේ  ‘ඔබතුමාද කරන්නේ?’ කියාය. ඊට ගෝඨාභය දුන් පිළිතුර වුයේ  ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ කියාය.

 ඉතින් ඒ ගෝඨාභය කියූ  ‘කරන අය’ කල කී දේ පසුව පොද්දල ජයන්ත සිහිපත් කළේ මේ ආකාරයටය.

 ඔවුහු මගේ රැවුළ හා කොණ්ඩය කපා මුව තුළට එබූහ, දෑත්වල ඇඟිලි තැලූහ, අත් අඹරවා දැමූහ. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න