අධ්‍යාපන සේවයේ  වර්ජනයත් අවසන් : සහනත් අවසන් !

අධ්‍යාපන සේවයේ  වර්ජනයත් අවසන් : සහනත් අවසන් !

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අදාළ වෘත්තීය සමිති පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසුවය.

අධ්‍යාපන සේවයේ වෘත්තීය සමිති කිහිපයක් මෙම වැඩ වර්ජනය කැඳවා තිබුණේ දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට නුසුදුස්සන් පත් කිරීමට විරෝධය පළ කරමින්ය.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශය දිගින් දිගටම පෙන්වා දුන්නේ පසුගිය කාලයක් පුරාවට දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සුදුසුකම් තිබෙන අයට  සාධාරණයක් ඉටුකිරීමට මෙම වැඩපිළිවෙල විධිමත්ව සිදුකරන බවය. 

එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ 25 වනදා  පැවති සාකච්ඡාවේදී දේශපාලන පළිගැනීම් පදනම් කර ගනිමින් ලබාදීමට සැලසුම් කර තිබූ පත්වීම් සහ උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවය.

අදාළ පත්වීම් සඳහා තෝරාගෙන ඇති පුද්ගලයින්ගේ ලිපි ගොනු නැවත විමර්ශනය කිරීමටත් දේශපාලන පළිගැනීම් සිදුවී තිබෙන යන්න නැවත විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත්කර මසක් තුළ නිර්දේශ ලබා ගැනීමටත් මෙහිදී තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ජනාධිපතිවරයා පත් කරනු ලබන එම කමිටුවේ නිර්දේශ වැඩිදුර අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර නිර්දේශ ලබාගනු ඇති බවත් පත් කරන ලද නිලධාරී කමිටුවට අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිතිවලට ද අවස්ථාව දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයිද වාර්තා වෙයි.  

මෙම ක්‍රියාමාර්ගයන්ගෙන් අනතුරුව දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී යම් පුද්ගලයකුට අසාධාරණයක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට ද  පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න