හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (25 දා) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
