අර්ජුනගේ අවලාද නිසා ජනාධිපතිත් කිපිලා ! 

අර්ජුනගේ අවලාද නිසා ජනාධිපතිත් කිපිලා ! 

ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගට පවසා ඇතැයි වාර්තා වෙයි.

ඒ පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා කළ විමසීමකින් අනතුරුව මෙම තත්ත්වය ඇතිවී ඇත.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස ප‍්‍රකාශ කළ ප‍්‍රකාශය පිළිබදව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි ලෙස කටයුතු කර නොමැති බව එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත්, තමන්ද නීතිය හරි හැටි දන්නා බවත්ය. ක‍්‍රිකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මීට මැදිහත් වී ඇත.

ජනාධිපතිවරයා එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරන ලෙසද ජනාධිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙහිදී උපදෙස් දී තිබේ.

ඊට පත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට අදාළ නොමැති බවත් නිලවරණය කඩිනමින් පවත්වා නිලධාරීන් පත්කරන්නැයිද ජනාධිපතිවරයා මෙහිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත පවසා ඇතැයි අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න