Language Switcher

V2025

ගෝඨාගේ මිලිටරි ජුන්ටාවෙන්  : මහින්දට අභියෝගයක් !

රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරියෙක් වන තමාව ළඟ තියා ගන්නවාද නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ළඟ තියා ගන්නවාද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තීරණය කළ යුතු බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර  අද(27) මාධ්‍ය වෙත නිවේදනක්  නිකුත් කර තිබුණි.

එම සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙයි

“ඊයේ දින ඔබ ප්‍රවෘත්ති විකාශය තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මගේ නම සඳහන් කර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මා සහ මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රතිවාදීන්ය.

අප නිසා දෙමළ මුස්ලිම් ජනතාව ගෝඨාභයගෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඈත් වන නිසා අපව ඉවත් කළ යුතු යැයි පවසන ඩිලාන් පෙරේරා මහතා ඊයේ දින පැවසුවේ මා එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන වෛරය පතුරවමින් මහින්ද රාජපක්ෂ බලවේගය විනාශ කිරීමට වැයම් කරන බව සහ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉටුකරන බවය.

ඩිලාන් පෙරේරා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් වාර්තමාන ජාතික ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද මන්ත්‍රීවරයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමතිවරයෙක්ව සිට මහින්ද රාජපක්ෂ මහතා පරාජයවු විගස ඔහුට විරුද්ධව ගොස් එක්සත් ජාතික පකෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරත සභාවේදී එක හෙලා සහය දුන්නෙකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ 19වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වුයේ මා පමණි. ඒකාබද්ධ විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු 19 සේ බරපතළ සංශෝධන ඉවත් කිරීමට වෑයම් කළද එයට මුළු මනින්ම සහය දුන් අයගෙන් ප්‍රධානතම කෙනෙකි ඩිලාන්. 

අද 19 සංශෝධනය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට පවා වර්තමාන රජය විසුරුවා හැරීමට නොහැක. ඩිලාන් පෙරේරා විවේචනය කරන රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයන් පහ කිරීමට නොහැක. එසේනම් වර්ථමාන දේශපාලන ව්‍යකූළ භාවයට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයිනගෙන් කෙනෙකි ඩිලාන් පෙරේරා.

ඩිලාන් පෙරේරා මට ජාතිවාදියෙක් යැයි කියයි. මම ජාතිවාදියා යැයි කියු කොටිහිතවාදී මුනිවන්තයින් ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේදී නිරුත්තර කළ මා ඩිලාන් වැනි අවස්ථාවදී  දේශපාලඥයෙකුට පිළිතුරු දීමට නොයෙමි.

ජාතිවාදියෙක් යනු තමාගේ ජාතිය ගැන උතුම් යැයි සිතමින් අන්‍ය ජාතින් හෙලා දකිමින් ක්‍රියා කරන්නෙකි. අප සැමවිටම දෙමළ, මුස්ලිම් සහෝදර තාවයට සහය දී ක්‍රීයා කළා පමණක් නොව ඔවුන්ගේ ප්‍රශ්නවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී උපරිම වශයෙන් උදව් කර ඇතිතෙමු. 
ඩිලාන් පවසන පරිදි ගොඨාභය වටා ජාතිවාදීන් සිටී නම් ඒන්න එන්න ඔහුවටා දෙමළ, මුස්ලිම් ජනතාව ඒක්රොක් වන්නේ කෙසේද යන්න සලකා බැලිව යුතුය. අද වනතුරු කිසිම සාමාන්‍ය දෙමළ,මුස්ලිම් පුද්ගලයෙක් අපට විරුද්ධව එකඳු වදනක් හෝ පවසා නැති අතර අපට ප්‍රශංසා කොට ස්තූති කොට කථා කර ඇති අවස්ථා බොහෝය.

අප එරෙහිවුයේ කොටි ත්‍රස්ථයින්ට පමණි. අප ක්‍රියා කරන්නේ කොටි ත්‍රස්ථයින් විනාශ කළ රණවිරුවන්ව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පවා දීමට එරෙහිවය එසේම රණවිරුවන් දිවිහිමියෙන් ආක්ෂා කළ රට ව්‍යවස්ථාවකින් බෙදා වෙන් කිරීම වැලැක්වීම පිනිසය.

විශේෂයෙන්ම ඩිලාන් පෙරේරා අද මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟට සමීපව ඉන්නේ ඒකාබද්ධ විපක්ෂ තුළ අසමඟිය, ප්‍රශ්න ඇති කොට රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීමට අවශ්‍ය තුනෙන් එකක ඡන්ද ප්‍රමාණය අමහිමි කොට දෙමළ බෙඳුම්වාදීන් සහ එක්සත් ජාතික පක්ෂය තමන්ට දී ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටය.

මා රටේ ඒකීයභාවය වෙනුවෙන් වසර 39ක් සක්‍රීය සේයාවේ යෙදී සිටී, යුද්ධය ජයග්‍රනය කළ හමුදාවන්ට අණ දුන් සෙම්පතියන් පස් දෙනාගෙන් කෙනෙතු ලෙස ජතියේ ප්‍රණාමය ලැබු, අදටත් රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරීයෙකි. එසේ තමා ළඟ තබා ගත යුත්තේ මාද නැතිනම් ඩිලාන් පෙරේරා යන්න තීරණය කිරීම මහින්ද රාජපක්ෂ මහතාට බාර කරමි.“

රාජපක්ෂලාගේ බල ගැටුම උග්‍ර අතට !

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂ සහෝදරයන් අතර මතුව තිබෙන  බල ගැටුම උග්‍රවී ඇති බවය.

එසේම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ කඳවුර නියෝජනය කිරීමට එකඟතාව පළවී ඇති බවට ගෝඨාභය පාර්ශවය වෙත දැනගන්න ලැබී ඇති බවත් මෙම නිවේදනය ප්‍රසිද්ධ කිරීම සිදුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම්දීම මත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.