ගෝඨාභය වටේ ඉන්නේ ගමත් කන රටත් කන පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර විපක්ෂයේ ඉන්න තම පාර්ශවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන බවත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලබාගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
"එත් මහින්ද රාජපක්ෂ මැතිතුමා දාන අපේක්ෂකයාව එතුමා නම් කිරීමේදී අපි එතුමාගෙන් ඉල්ලා හිටිනවා සියළු ජනකොටස් හා සියළු ජනතාවගේ ආකර්ශනය දිනාගෙන ඇති කෙනෙක් නම් කරන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා,
"මොකද දැනට නම් විය හැකියි කියලා හිතන අයගේ නම් ලැයිස්තුව අරන් බැලුවම ගෝටාභය රාජපක්ෂ මහත්තයා වගේ අයගේ නම් ඉස්සරහින්ම කියවෙනවා. එතුමා නිවැරදිව එම කාරණා කටයුත්තට ඉදිරිපත් වෙන්න සූදානම් කළත් එතුමා වටේ ඉන්න උදවිය ගමත් කනවා රටත් කනවා.
එතුමාගේ ලඟින්ම ඉන්නවා සරත් වීරසේකර මහත්තයා. ශ්‍රී ලංකා මානව කොමිසම් සභාවේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩුගම මැතිනිය. ආචාර්ය ප්‍රේමදාස උඩුගම මැතිතුමාගේ දියණිය. 1977 සේරුවාවිල මැතිවරණ කොට්ඨාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කෙරුවේ උඩුගම මහත්තයා. මැතිනියගේ 70 ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා. ප්‍රගතශීලී පසුබිමක් තියෙන ඉතා හොඳ බහුත්‍රැත පවුලක කෙනෙක්. උඩුගම මැතිනිය කියන හැම දෙයක්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එතුමිය. එතුමිය එහි සභාපති හැටියට විවිධ කාරණා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත සම්බන්ධයෙන් යන ආදිය කාරණා සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරන්න ඕනේ.
එතුමිය ශ්‍රී ලංකා නිල මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, කාන්තාවක් අපේ රටේ කෙනෙක්. එතුමිය මතය ප්‍රකාශ කරාම ඒ මත ප්‍රකාශ කිරීම නිසා අපේ ආණ්ඩුවක් අවොත් එල්ලලා මරණවා කියලා මරණීය දණ්ඩනය දෙන්න ඕනේ කියලා තර්ජනය කරනවා. කවුද සරත් වීරසේකරලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ රටේ ඡන්දය දෙන්න ඉන්න දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, යම් බුද්ධිමත් මිනිස්සු බලනවා යකෝ මේ එන්න හදන්නේ මිලිටරි ආණ්ඩුවක් කියලා.
හැබැයි මම මේ කියන්නේ ඊළඟට දාන ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නම් කළ යුතුයි. ඒ නම් කරන කෙනා කවුරු හරි ප්‍රවේසම් වෙන්නට ඕනේ මේ සරත් වීරසේකර සහ කමල් ගුණරත්න වැනි අය මවන විකෘති චිත්‍රය නැති කරගන්න.
දැන් දයාන් ජයතිලක මැතිතුමා තමයි මට මතක විදිහට මහින්ද සුළඟ ආරම්භක රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පණිවිඩය කියවන්නේ. ඒ රැස්වීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යාළුවෝ කවුරුත් හිටියේ නැහැ. ඒක එකාබද්ධ විපක්ෂයේ ඉන්න විමල් වීරවංශලා, දිනේෂ්ල, වාසුදේව නානායක්කාර මහත්තයලා පටන් ගත්තු රැස්වීමක්. මහින්ද සුළඟ තුන්හතර පාරක් යනකොට තමයි ඒක ව්‍යාප්තවෙලා අවසානේ මෙතනට ආවේ. ඒ පළවෙනි රැස්වීමේ මහින්ද මහත්තයා වෙනුවෙන් පණිවිඩය කියවන්නේ ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරමින් තමයි මේ මහා බලවේගය හදන්න වෙන්නේ.
එහෙම නැතුව කැත්තට පොල්ල වගේ සරත් වීරසේකරලා, කමල් ගුණරත්නලා වගේ ඒ වැඩේට ගියොත් අපට ජනාධිපතිවරණයක් සඳහා ඒ අවශ්‍ය කරන ඡන්ද ප්‍රමාණය ලබාගැනීම සඳහා ගැටළු මතුවෙන්න පුළුවන්."

