‘හිරු’ නිසා එජාපය බැස යන ලකුණු !

‘හිරු’ නිසා එජාපය බැස යන ලකුණු !

එක්සත් ජාතික පක්ෂයෙන් රත්මලාන ආසනයට අලූතින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇතැම් ක්‍රියා නිසා එම ආසනයේ එජාප පාක්ෂිකයන් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තාවේ.

රවී කරුණානායක මහතාගේ ඉල්ලීම මත ඇය එහි ආසන සංවිධායක ලෙස පත්කර ඇති බව පැවසේ.

පළාත් පාලන මැතිවරණය සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු ජනපදනමක් නොමැතිව මුදල්වලට මුල් තැන දෙමින් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති බවට පාක්ෂිකයෝ චෝදනා කරති.

රත්මලාන පිරිවෙන කොට්ඨාසයට නිදහස් පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ උප නගරාධිපතිව සිටි කේසරලාල් ගුණසේකර මහතා ඉදිරිපත්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇත්තේ කිසිදු ජනපදනමක් නොමැති අයෙකු බව වාර්තාවේ.

කදවල කොට්ඨාසයට ද ඉදිරිපත් කර ඇත්තේ ප්‍රාඩෝ පෙරහැර කින් ගමන් කරන ධනවත් අයකු බව ප්‍රදේශවාසීහු පවසති.

බටහිර කොට්ඨාසයට ඉදිරිපත් කර ඇත්තේ ද මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලබා සිටින රෝස පාටට හුරු අයකු බව සඳහන් වේ.

පසුගිය මහ මැතිවරණයේ දී රත්මලාන ආසනය එක්සත් ජාතික පක්ෂය ජය ලැබූව ද මෙම තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය ජයලැබීම එජාපයට අවධානමක් පවතින බව පාක්ෂිකයෝ පවසති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න