යහපාලනය කළ මෝඩ වැඩක් ගැන රාජිත කියයි !

යහපාලනය කළ මෝඩ වැඩක් ගැන රාජිත කියයි !

රජයේ සංවර්ධන කටයුතුවලදී ප‍්‍රචාරණ කටයුතු සඳහා මුදල් වැය නොකිරීමට ගත් තීරණය යහපාලන ආණ්ඩුව ගත් මෝඩ තීන්දුවක් බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  සිටියේ ඊයේ (28) මාතර හෙද විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

වත්මන් ආණ්ඩුව රටේ වෙනසක් කර ඇති බවත්, එය ප‍්‍රචාරය කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම හේතුවෙන් ජනතාව අතර ප‍්‍රසාදයක් හිමි නොවී ඇති බව සඳහන් කල අමාත්‍යවරයා  මේ හේතුවෙන් සිය රජය කළ සංවර්ධන ව්‍යාපෘති ඉකුත් රජයට බැර වී ඇති බවද පැවසීය.

ප්‍රචාරණ කටයුතු සඳහා යොදවන මුදල්ද  ජනතාව වෙනුවෙන් වැය කළද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොවීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව විවේචනයට ලක්වෙමින් ඇතැයිද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එබැවින් ඉදිරි  සංවර්ධන කටයුතු නවතා ඒ වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළ ව්‍යාපෘති පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලබා දිය යුතු යැයි තමන් අග‍්‍රාමාත්‍යවරයාට යෝජනා කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න