එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයන්ට : විශේෂ දැනුම්දීමක් ! 

එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයන්ට : විශේෂ දැනුම්දීමක් ! 

නියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සදහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව වීසා නීති උල්ලංඝනය කරමින් රැදී සිටින අය සදහා දඩ මුදල් අය කිරීමකින් තොරව නීත්‍යානුකූලභාවයට පත් කිරීමට හෝ විගමනික නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සදහා රටින් පිටවීමට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

අනුව පොදු සමා කාලය තුළදී වීසා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් නැවත ලංකාවට පැමිණීමට හෝ නීත්‍යානුකූල වීසා බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරන්නැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර  ඉල්ලා සිටී.

පොදු සමා කාලය තුළදී ලංකාවට පැමිණීමට හෝ නීත්‍යානුකූල විසා බලපත්‍ර ලබාගැනීමට කටයුතු කළ යුතු බව ඇමැතිවරු පවසති.

නීත්‍යානුකූල නොවන ආකාරයට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ  රැදී සිටින වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට අදාල එමීර් බලධාරීන් වෙත යොමුවී දඩ මුදල්වලින් නිදහස්ව ආගමන විගමන නිලධාරීන් අය කරන ගාස්තු ගෙවා ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබේ. කල් ඉකුත්වූ ගුවන් ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකිකයින් එම බලපත්‍රය රැගෙන ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ නව ගුවන් ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කළ හැකිය. ඉන් පසුව අදාල එමීර්යන්හි බලධාරීන් වෙත යොමුවී තමාගේ දඩ මුදල්වලින් නිදහස්ව ආගමන විගමන නිලධාරීන් අය කරන දඩ මුදල්වලින් නිදහස්ව නාමික ගාස්තුව පමණක් ගෙවා රටින් පිටවීමට අවස්ථාව ලැබේ.

තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ලාංකිකයින්ට අදාල එමීරයේ පොලීසියට පැමිණිල්ලක් කර වලංගු විදෙස් ගමන් බපත්‍රයක් ලබාගත හැකිය.

තවදුරටත් රැදී සිටින ශ්‍රි ලාංකිකයින්ට ඩුබායි ආගමන විගමන කාර්යාලය විසින් නිකුත් කළ මාර්ගෝදේශ අනුව ගාස්තු ගෙවා අමර් මධ්‍යස්ථාන ඔස්සේ වීසා ලබාගත යුතුය. මාස හයකට වඩා වැඩි වලංගු කාලයක් ඇති විදේශ ගමන් බලපත්‍ර හිමි අයට සෘජුවම අමර් මධ්‍යස්ථානවලින් වීසා බලපත්‍ර ලබාගැනීමට හැකියාව තිබේ.

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන පුද්ගලයින් සදහා ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයට අදාල සියලුම ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කිරීමෙන් විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් හෝ එමීර් රාජ්‍යයෙන්  නිකුත් කළ හැදුනුම්පත රැගෙන ආ යුතුය. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා වන ගාස්තු මුදලින් පමණක් අය කරනු ලැබේ.

වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා ආගමන විගමන ජෙනරාල්වරයා නියම කළ ලිපි ලේඛනවල මුල් පිටපත් රැගෙන ඒම අනිවාර්ය වන අතර එම මුල් පිටපත් දැනට තමන් සතුව නැතිනම් ඒවා ලබාගෙන එවීමට කටයුතු කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න