ගුවන්යානා ඉන්ධන භූමිතෙල් වීමෙන් කෝටි 49ක පාඩුවක්

ගුවන්යානා ඉන්ධන භූමිතෙල් වීමෙන් කෝටි 49ක පාඩුවක්

හදිසි මිලදී ගැනීමක් ලෙස ඉන්දියන් තෙල් සමාගමෙන් මිලදීගත් ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 14000 ක් නියමිත ප්‍රමිතියෙන් නොමැති නිසා ප්‍රතික්ෂේප වී තිබේ.

එම ප්‍රතික්ෂේපිත ඉන්ධන භූමිතෙල් ලෙස මිලදී ගැනීමට තීරණය කිරීම නිසා රුපියල් කෝටි 49 ක පාඩුවක් දැරීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදු වී තිබේ.

පසුගිය 8 වෙනි දිනට පැමිණීමට නියමිත ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාව ප්‍රමාද වීම නිසා ඉන්දියන් තෙල් සමාගමෙන් මෙම ඉන්ධන තොගය මිලදී ගෙන තිබේ.

පසුව එම ඉන්ධන භූමිතෙල් ලෙස එම මිලට ගැනීමට තීරණය කර ඇත.

ගුවන්යානා ඉන්ධන ලීටරයක් රුපියල් 80 ක් වන අතර භූමිතෙල් ලීටරයක් වන්නේ රුපියල් 45 කි. සංස්ථාවට කෝටි 49 ක පාඩුව සිදු වී ඇත්තේ මේ නිසාය.

එමඟින් රුපියල් 35 ක අමතර පිරිවැයක් ලීටරයකින් පාඩු ලැබීමට සංස්ථාවට සිදුව තිබේ.

හදිසි මිලදී ගැනීම නිසා ලීටරයක් ඩොලර් තුනකට අමතර වියදමක් දරා ආනයනය කළ අතර එමඟින්ද කෝටි 65 කට අධික පාඩුවක් විඳීමට සිදුව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න