රාජපක්ෂලාගේ බලපොරය නිසා ශ්‍රීලනිපයේ කරල් පැහෙනවා - මහින්ද 

රාජපක්ෂලාගේ බලපොරය නිසා ශ්‍රීලනිපයේ කරල් පැහෙනවා - මහින්ද 

2020 ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වීමට රාජපක්ෂ සහෝදරවරු අතර ඇතිව තිබෙන බල අරගලය පිලිබද කලකිරුනු පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නිදහස් පක්ශයට නැවත එක් වෙමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  "අපි වවලයි අපි කන්නේ" ජාතික ආහාර සංග්‍රාමයට සමගාමීව ‘වැව් දහසක් ගම් දහසක්’ වැඩසටහන අත්තනගල්ල මාතලාන මරතගහදෙණියේදී දියත්කළ අවස්ථාව අමතමින්ය.

මෙම අවස්ථාව සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මියද සහභාගීව සිටි අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  2020 දි අගමැති වීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කලත් මෙම බල අරගලය නිසා එය සිහිනයක් වනු ඇති බවත් යහපාලන රජයේ පලාත් පාලන මැතිවරණයට පෙර පැවති අඩුපාඩු නිවරදි කරගනිමින් පලාත් සබා මැතිවරණයට මුහුන දෙන බැව්න් පොහොට්ටුව පර වි යනු ඇති බවද සඳහන් කර ඇත.

එසේම  මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඇරඹීමත් සමග යැපුම් කෘෂිකර්මාන්තයේ නව පිබිදිමක්  ඇති ව් තිබෙන බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න