2020 ජනාධිපතිවරණයට තරග වැදීම ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී දේශපාලනයට එන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සුපරි ක‍්‍රීඩක කුමාර සංගක්කාර ප‍්‍රතිචාර දක්වා ඇති බව දැනගන්නට ඇත.
ඒ, "තමන් කිසිලෙසකින් හෝ දේශපාලනයට එක් නොවන්නේ යයි" සංගක්කාර පැවසූ බව ප‍්‍රවීන ක‍්‍රීඩා මධ්‍යවේදියෙකු වන රංජන් පරණවිතාන සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබීම හරහාය.
සංගක්කාර මේ වන විට ඉන්දිය-එංගලන්ත තරගාවලියේ ක‍්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

