රට ලේ විලක් කරන්න : ගෝඨාගේ අලුත්ම සංවිධානය මෙන්න 

රට ලේ විලක් කරන්න : ගෝඨාගේ අලුත්ම සංවිධානය මෙන්න 

එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගෙන බවට ගම් මට්ටමින් ප්‍රචාරය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිතවාදීන් විසින් හෙළ ජාතික බලමුළුව නමින් සංවිධානයක් ගොඩනගා ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත්පත් වාර්තාවට අනුව, අදාල සංවිධානයේ රැස්වීමක් කොටුව ලෝටස් පාරේ සම්බුද්ධාලෝක විහාරයේදී පසුගිය ජූලි 03 වන දා පවත්වා තිබේ.
එම රැස්වීම සඳහා හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු රියාද් අද්මිරාල් සරත් වීරසේකර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක හා පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

මුලික කරුණු හතරක් !

මෙම සාකච්ඡාවේදී හෙළ ජාතික බලසමුළුව මූලික කරුණු හතරක් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එල්ටීටීඊ සංවිධානයෙන් නැවත තර්ජන එල්ලවන බවට ගම් මට්ටමෙන් ප්‍රචාරය කිරීම, රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවීම, ආබාධිත රණවරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හා රටට සුදුසු නිර්භීත නායකයෙකු පත් කර ගැනීම වශයෙන් මෙම මූලික කරුණු සඳහන් කර ඇත.

හෙළ ජාතික බලමුළුව රටේ පළාත් කිහිපයකම සිය ප්‍රචාරය කිරීම් සඳහා සරත් වීරසේකර හා කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත රැස්වීම් පවත්වා ඇත. අනුරාධපුරය, ගාල්ල හා මාතලේ එම රැස්වීම් පැවැත්වූ ස්ථාන බව වාර්තා වෙයි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සොයිසා !

මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්.ඒ.ආර්. සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් “ඒකීය සංවර්ධිත රටක් උදෙසා රණවිරු ජවය” නමැති සංවිධානයක් ගොඩනගා ඇති බව “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ කැඳවුම් විශ්‍රාමික හමුදා මේජර් කරු අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දේශපාලන අරමුණුවලින් ගොඩ නගා ඇති බවය.
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න