රුසියානු තේ වර්ජනය : කෘමියා ඇතුළු වුණ හැටි නවින් කියයි!

රුසියානු තේ වර්ජනය : කෘමියා ඇතුළු වුණ හැටි නවින් කියයි!

“කැප්රා කියන කෘමියෙක් අපේ තේ තොගයකට ඇතුල් වෙලා. ඒ නිසා රුසියානු රජය අපේ තේ ගැනීම තාවකාලිකව නතර කරලා. මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝගවලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල්වෙන්න ඇතියි කියන එකයි." යයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (17) නුවරඑළියේ පැවති උත්සවයක් අමතමින් පැවසිය.

ඒ, රුසියානු තේ තහනමට බලපෑ හේතු පිළිබද අදහස් දක්වමිනි.

 මෙම ගැටළුව රාජතාන්ත්‍රීක මට්ටමින් විසදා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයාඑහිදී පැවසිය.

''රුසියාව යනු ශ්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වනවා. ශ්‍රී ලංකාව අපනයනය කරන තේ වලින් සියයට 25ක්ම මිළදි ගන්නේ රුසියාවයි. එය එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක්. ශ්‍රී ලංකාවේ තේ වලට රුසියාව පනවා ඇති තහනම හේතුවෙන් තේ කර්මාන්තයේ නිරත ලක්‍ෂ 3 කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල විය හැකි බව කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතා එහිදී කියා සිටියේය.

 ms 2 1000pxඅනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැ- ජනාධිපති

 මේ අතර හපුතලේ අද (17) පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ, රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සඳහා පනවනු ලැබූ තාවකාලික තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි.

මේ පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන බවත්, මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවටත් ජනාධිපතිවරයා මෙහිදි විශ්වාසය පළ කළේය.

එබැවින් තහනම පිළිබඳ තේ කර්මාන්තයේ නිරත කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ජනාධිපතිවරයා පැවසිය.

අදාළ ගැටළුවට වගකිව යුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න