ගෝල්ඩන් කී වංචාවටත් වඩා බරපතල වංචාවක් !

ගෝල්ඩන් කී වංචාවටත් වඩා බරපතල වංචාවක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතු වංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබුණු අතර වංචාව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මෙම බරපතල වංචාව හේතුවෙන් සෙලින්කෝ සමූහ ව්‍යාපරයේ සභාපති සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල ට සහ ඔහුගේ බිරිය වූ සිසිලියා කොතලාවල ට සිර දඩුවම් හිමි විය.

ස්වර්ණවාහිනිය විකිනීමට :

ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ දිනෙන් දින ඔඩු දුවන මෙම බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනියunnamed ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, , සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් උතසහා දරා ඇති අතර ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා, බැදුම්කර මගඩියට සම්බන්ධන අර්ජුන් ඇලෝෂියස් මෙන්ම ජාත්‍යන්තර ජාවාරම්කරුවකු වන සුදීර් ජයරාම් නම් මැලේසියානු ජාතිකයකු ද මෙම ව්‍යාපාර සමූහය මිලට ගැනීමට පැමිණ ඇති අතර දිනෙන් දින අගාධයට යන මෙම ව්‍යාපාර ඔවුන් කුණු කොල්ලෙට ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ අතර තවත් දේශීය ව්‍යාපාරිකයින් කීප දෙනකු ද මෙම ව්‍යාපාර වෙනුවෙන් යහපත් ලන්සු කීපයක් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට ඔවුන් සමග ඊ.ඒ.පී වත්මන් පාලකයින් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

සබැඳි පුවත් :

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න