Language Switcher

V2025

පුංචි ඡන්දය පෙබරවාරි 10 - ප්‍රචාරණ නීති අද සිට වැඩ

යෝජිත පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරි 10 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එසේම පළාත් පාලන ආයතන 248ක් වෙනුවෙන් වන නාම යෝජනා බාරගැනීම අද (18) සිට එළඹෙන 21 වනදා දහවල් 12.00 දක්වා සිදුවන බවත් තැපැල් ජන්ද සඳහා ඉල්ලුම්පත් බාරගැනීමේ අවසන් දිනය එළඹෙන 22 වනදා වන බවත් එම කොමිසම නිවේදනය කරයි.

කොළඹදී අද (18) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.

එසේම අද සිට මැතිවණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා පැවසීය.