විශේෂ මහාධිකරණයේ විනිසුරුවන් විශේෂයෙන් අනුයුක්ත කර නැහැ!

විශේෂ මහාධිකරණයේ විනිසුරුවන් විශේෂයෙන් අනුයුක්ත කර නැහැ!

මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සෙවීමට රජය අළුතින් ස්ථාපිත කළ “විශේෂ ත්‍රී පුද්ගල මහාධිකරණය” සඳහා නම් කර ඇති විනිසුරුන් ඒ අධිකරණය සඳහාම විශේෂයෙන් අනුයුක්ත කර නොමැති නිසා, සාමාන්‍ය අධිකරණ කටයුතුවල නිරත වන අතරතුරම විශේෂ අධිකරණයේද කටයුතු කිරීමට ඔවුන්ට සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.

මෙම අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන නඩු දිනපතා විභාග කරන බව රජය ප්‍රකාශ කර ඇති අතර සම්පත් අභයකෝන් (සභාපති), සම්පත් විජයරත්න, චම්පා ජානකී රාජරත්න විශේෂ මහාධිකරණයේ විනිසුරුවෝ වෙති. එහි පළමු නඩුව ලෙස විභාග වීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සෙනරත් ඇතුළු 4 දෙනෙකුට එරෙහි චෝදනාවකි. පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදල් සාපරාධී, සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එම විත්තිකරුවන් 4 දෙනාට මේ මස 24 වැනිදා චෝදනා පත්‍ර භාර දීමට නියමිතය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 64 දෙනෙකු සිටින අතර නඩු ලේඛන 22 ක් තිබේ. විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතා දැක්වීම්, සාක්ෂිවලට සිතාසි නිකුත් කිරීම ආදී කටයුතු සිදුකර විභාගය සඳහා දින නියම කරන විට ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව වාර්තා වේ. ඒ අතර මෙම විශේෂ මහාධිකරණ විනිසුරුන් සහභාගිවන සාමාන්‍ය මහාධිකරණවල ඇති නඩු සඳහාද කාලය වැය වේ. කෙසේ වෙතත් “විශේෂ මහාධිකරණය” යන නාම පුවරුව පසුගිය බ්‍රහස්පතින්දා (9) වන විට ඉටි රෙදි කැබැල්ලකින් වසා දමා තිබිණ.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න