නි. අමාත්‍ය නිමල් ලංසා ඉල්ලා අස්වෙයි

නි. අමාත්‍ය නිමල් ලංසා ඉල්ලා අස්වෙයි

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නිමල් ලංසා මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඒකාබද්ධ විපක්ෂය හා එක්වූ බවය.

කෙසේ වුවත් ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නිමල් ලංසා සිය ධුරයෙන් ඉවත්වීම ආණ්ඩුවට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු ගැටළුවක් නොවන බවත් එය කොතරම් ආශීර්වාදයක්ද යන්න ඉදිරියේදී ඔප්පුවනු ඇති බවත්ය.

ආණ්ඩුවේ ප්‍රකාශකයා වෙතින් newstube.lk වැඩිදුරටත් කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත බවත් ඔවුන්ට දේශපාලන ශක්තියක් ලබාදීම සඳහා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බවත්ය.

එසේම නිමල් ලංසා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව තමන් නිල වශයෙන් නොදන්නා බවත් එසේ එක්වීමට තීරණය කර ඇත්නම් එය පුදුමවීමට කාරණයක් නොවන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න