ඖෂධ සමාගම් ඉල්ලපු නිසා මිල වැඩි කරන්න සිදුවුණා - ඇමති රාජිත

ඖෂධ සමාගම් ඉල්ලපු නිසා මිල වැඩි කරන්න සිදුවුණා - ඇමති රාජිත

ඖෂධ මිල 5%කින් වැඩිකිරීමට තීරණය කරනු ලැබුවේ ඖෂධ ආනයනකරුවන් සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

“ඖෂධ මිල සියයට 5කින් වැඩිවීම පිළිබඳව සුව ඇමති කරුණු පැහැදිලි කරයි” යනුවෙන් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අද (19) නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

එම නිවේදනයට අනුව ඖෂධ මිල වැඩි කිරීම සඳහා වන ඉල්ලීම ඖෂධ ආනයනකරුවන් ඉදිරිපත් කර තිබෙන්නේ ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඖෂධ මිල ඉහළයාම පදනම් කරගෙනය.

ඒ අනුව අදාළ ඉල්ලේම සම්බන්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යයනයක් සිදුකළ බවත් ඖෂධ මිල 5%කින් වැඩි කිරීමේ තීරණය ගනු ලැබුවේ ඉන් පසුව බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම මිල වැඩිවීම සඳහන් ගැසට් නිවේදනය වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවත් එම කාලය තුළ ලෝක වෙළඳපොලේ ඖෂධ මිල ඉහල ගියද ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිලේ වෙනසක් සිදුනොවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසු බවද එම නිවේදනයේ සඳහන්ය.

එසේම ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට වඩා වැඩි මිලකට ඖෂධ අලෙවි කරන අලෙවිසැල් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ අතර 5%කින් ඖෂධ මිල වැඩිකිරීම සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටින්නේ තමන් විසින් එල්ලකළ චෝදනාව අමාත්‍යවරයාගේ කරුණු පැහැදිළි කිරීමේ නිවේදනය හරහා ඔප්පුවී ඇති බවය.

එම පුවත https://newstube.lk/news/330-2017-12-18-16-38-42

අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහත පළකර ඇත.

IMAGE01020002

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න