Language Switcher

V2025

කොළඹට එජාපෙන් රෝසි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

කොළඹ මහ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකත්වය නම් කළ ද අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ හෙට (20) සහ අනිද්දා (21) පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට නියමිතය.