මේ පින්තූරයේ සිටින තරුණිය ශ්‍රී ලංකන් එයාර්ලයින් හී රාජකාරියෙන් නිදහස් කර නාමල්ගෙ රාජකාරි සඳහා යොමුකරවූ බව කියවෙන නිත්‍යා සේනානි සමරනායකය. එහිදී ඇය කොතරම් කාර්ය බහුලවී ඇතිද කියනවා නම් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකල විමර්ශනයේදී සඳහන් කරන්නේ "තමන් රාජකාරි කළ ස්ථානය හරි හැටි මතක නැති" බවය.
නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමෙන් මසකට රුපියල් 158,000.00 ක වැටුපක් හිමිවූ බව ඇයට මතක තිබී ඇත.
ඊට අමතරව එයාර්ලයින් වෙතින් මැයට රුපියල් මිලියන 4.2ක වැඩිපුර මුදලක්ද ගෙවා ඇති බවද අනාවරණය වී ඇත.
ඒ දීමනා ලබාගත් හේතුව හෝ ඊට අදාළ කාරනා පවා පැහැදිළි කිරීමට නිත්‍යා සේනානි සමරනායක සමත්වූයේ නැත.
මේ පුවත පළමුව මාධ්‍ය හරහා අනාවරණය වූ අවස්ථාවේ හිරු රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ "ඒ අක්කව මම අඳුනන්නෙත් නැහැ," කියලය.
නමුත් අවුරුද්ද්කට පමණ පසුව නාමල් මන්ත්‍රීතුමාගේ සමාගමේ නඩුව අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උදවිය අතර නිත්‍යා සේනානි ද සිටියා පමණක් නොව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන බවද අනාවරණය විය.
මේ වන විට ඇප ලබා සිටින ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ මහ නගර සභාවටද තරග කල අතර දැන් කොළඹ නගරසභාවේ මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කරයි.
සැප්තැබර් 5 කොළඹට එන්න කියන්නේ අන්න එහෙම උදවිය වන අතර ඔන්න එහෙනම් ඔක්කොමල යන්න හොඳේ!!!

