මහින්දට ගොඩක් දේවල් අමතක බව අධිකරණයේදී අනාවරණය වෙයි ! 

මහින්දට ගොඩක් දේවල් අමතක බව අධිකරණයේදී අනාවරණය වෙයි ! 

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ලබාදුන් ප‍්‍රකාශයේ දී බොහෝ කරුණූ සම්බන්ධයෙන් තමන්ට මතක නැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සඳහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී ගිරියාම මෙනෙවිය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

 මෙම සිද්ධියට අදාළ නඩුව අද (20) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අධිකරණයේ පෙනී සිටි රජයේ අධි නීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, සාක්ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම විමර්ශනවලට බාධාවක් බවද පැවසීය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප‍්‍රශ්නයකටම වාගේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනිතීඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, සාක්ෂිකරුවන්ට මෙසේ අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් සිදුකරන ලෙසට මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කළාය. 

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න