මාලක දේවපි‍්‍රයගේ ගුවන් විදුලි නාට්‍යමාලාව, කේ.කේ. ශී‍්‍රනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය හා අසංක සායක්කාරගේ ‘මම කෙලින් මිනිහෙක්’ නාට්‍ය වාරණයට ලක්කිරිම සඳහා ආණ්ඩුවේ පාර්ශවයන්ගේ මැදිහත්වීම සම්බන්ධව සමාජවාදී කලා සංගමය බලවත් අප්‍රසාදය පළකර සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් සමාජවාදී කලා සංගමය මේ බව සඳහන් කරන අතර ප‍්‍රකාශනයේ අයිතිය ඕනෑම ප‍්‍රජාතාන්ති‍්‍රක රාජ්‍යයක ජනතාව සතු ප‍්‍රධාන අයිතියක් බවත් නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පදනම් කරගත් යහපාලනයක් ගොඩනැගීම වෙනුවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවත් සංස්කෘතික ඇමතිවරයාත්, නැවත මහින්ද රාජපක්ෂ යුගය සිහිගන්වමින් ඒ මාවතේම ගමන් කරමින් ප‍්‍රකාශනයේ අයිතිය වාරණයට ලක් කිරීම සඳහා කිසිදු ඉවක් බවක් නැතිව මැදිහත් වෙමින් සිටින බවද එහි සඳහන් කර ඇත.
කලාව, සංස්කෘතිය පොහොසත් කිරීම සඳහා ප‍්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් ගොඩනඟනවා වෙනුවට ඉතා අසීරුවෙන් ගොඩනැෙඟන කලා කෘති සහ කලාකරුවාගේ ප‍්‍රකාශනයේ අයිතිය වාරණයට ලක්කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවද එහි සඳහන්කර ඇත.
තවද මෙය ප‍්‍රකාශන අයිතිය වාරණයට ලක් කළ පළමු අවස්ථාව නොවන බවත් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේත්, ඊට පෙරත් බොහෝ අවස්ථාවල මෙවැනි වාරණයන්ට ලක්වීමට කලාකරුවන්ට සිදුවූ බවඩ් එහි පෙන්වා දෙයි.
මෙම කලා කෘති පිළිබඳව ඒවාගේ අන්තර්ගතයන් හා ආකෘතීන් පිළිබඳව විචාර ක්ෂේත‍්‍රයේද බොහෝ වාදවිවාද පවතින බවත් මෙහි අන්තර්ගත ඇතැම් කලාකෘතීන් පිළිබඳව තම සංගමයටද විවේචනයන් ඇතත් ඒවා පදනම් කරගෙන කලාකරුවාගේ ප‍්‍රකාශන අයිතියට වාරණ පැනවීම පිළිබඳව සමාජවාදී කලා සංගමය අප‍්‍රසාදය පළ කරන බවද එහි දක්වා ඇත.
එමෙන්ම ප‍්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙන මෙන් විද්වතුන්, කලාකරුවන් ඇතුළු සියලූ පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් ය.

