මම තරම් උතුරට පැමිණි ජනාධිපතිවරයෙක් නෑ - මෛත්‍රී 

මම තරම් උතුරට පැමිණි ජනාධිපතිවරයෙක් නෑ - මෛත්‍රී 

තමන් තරම් කිසිදු ජනාධිපතිවරයෙක් උතුරේ සංචාරය කර නොමැති බවත් තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනපවසයි.

එසේම ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින්  88% ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉතිරි 12 % ක ප‍්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර  ඇත.

ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ අද (22)  මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ  නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුතු බවත් ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත්  විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමු ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න