2019 දී  තුවක්කු වාරණයක් !

2019 දී  තුවක්කු වාරණයක් !

රටේ පවතින  සාමකාමී තත්ත්වය පදනම් කරගෙන  2019 වසරේ සිට පෞද්ගලික ආරක්ෂාව පිණිස වූ පත‍රොම් තුවක්කු බලපත්‍ර නිකුත් නොකිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් තීරණය කර  තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙතෙක් පතරොම් තුවක්කුවක් පාවිච්චි කිරීමට බලපත්‍ර ලබාගෙන ඇති සියලු බලපත්‍රධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් මේ බව දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

මේ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා නොවන, පෞද්ගලික ආරක්ෂාව පිණිස සන්තකයේ තබාගෙන තිබෙන පතරොම් හා තුවක්කු මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර දිසා ලේකම්වරුන් වෙත ආපසු භාර දිය යුතු බවටද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න