නිශාන්ත රකින්න : මහින්ද - රනිල් මෙහෙයුමක් !

නිශාන්ත රකින්න : මහින්ද - රනිල් මෙහෙයුමක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසමේදී හෙළිවෙමින් පවතින තොරතුරු මත එල්ල වන චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කර ගැනීමට මහින්ද - රනිල් රහස් එකඟතාවක් ඇතිවී ඇතැයි ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට රනිල් වික්‍රමසිංහගේද ඥාතියකු වන නිශාන්ත වික්‍රමසිංහ කොටුකර ගැනීමට මෛත්‍රී පාර්ශවයේ උත්සාහයක් පවතින අතර එය කෙසේහෝ යටගැසීමට රනිල් - මහින්ද එකඟතාව ඇතිවී ඇත.

නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපතිවරයා ලෙස ගුවන් සේවයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පුවී ඇත.

ප්‍රංශ ගුවන් යානයක් හදිසියේ ගුවන්ගත කිරීමට උපදෙස් දීමෙන් ඇමරිකානු ඩොලර් 90,260ක ( ශ්‍රී ලංකා රුපියල් 1,17,33,000.00) මුදලක් ගුවන් සේවයට පාඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිශාන්ත වික්‍රමසිංහට සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇත.

මේ තත්ත්වය මත ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ ඉඩකඩ පවතින බැවින්, වහාම ඔහු නිදහස් කර ගැනීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් රනිල්-මහින්ද සහ ශිරන්ති රාජපක්ෂ එක්ව රහසිගත සාකච්ඡාවක්ද පවත්වා ඇතැයි වාර්තා වෙයි.

(ලංකා ඉරිදා සංග්‍රහය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න