රජය - තෙල් සමිති යළිත් ඇවිලේ ?

රජය - තෙල්  සමිති යළිත් ඇවිලේ ?

ඛනිජ තෙල් කර්මාන්තයට අදාළ ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් දියත්කර ඇති වෘත්තීය අරගලය නොසළකා හැර ක්‍රියා කිරීමට රජය කටයුතු කරනවා නම් ඊට එරෙහිව ජාතික තලයේ වෘත්තීය අරගලයක් දියත් කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සහ C.P.S.T.L.  ආයතනයේ සේවකයින් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති 06 ක් එක්ව පිහිටුවාගෙන ඇති ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර සිටියි.

එම නිවේදනයට අනුවත්‍රිකුණාමලය චීනවරාය තෙල් ටැංකි තෙල් සංස්ථාවට පැවරීම හා නැවත මෙහෙයුම් දියත් කිරීම,  සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජයේ මැදිහත්වීමෙන් නවීකරණය කිරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරා ඒ හරහා නැව් තෙල් වෙළදාම ඇරඹීම යන ඉල්ලීම් තුන ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව රජයට යොමුකර ඇත.

එහෙත්  මේ වන තෙක් ඊට අදාලව කිසිඳු ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් ලැබී නැති අතර  ඒ වෙනුවට ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීරණය ඉන්දීය සමාගමට පැවරීම කඩිනම් කිරීමේ  උත්සහයක් පමණක් සිදුවෙමින් තිබේ.

රජයේ මේ ප්‍රතිපත්තියට විරෝධය පල කරන එම එකමුතුව පෙන්වා දෙන්නේ තම ඉල්ලීම් සියල්ල හුදු ඛනිජතෙල් සේවකයන් හට පමණක් බලපාන කරුණු නොව සමස්ථ ජනතාවටත් රටේ ආර්ථිකයටත් අනාගතයටත් බලපාන තීරණාත්මක කරුණු බවය.

එසේම මෙය රටේ අනාගත ආර්ථිකයටත් අනාගත පරපුරටත් ඉතා අහිතකර ලෙස බලපාන ගැටලුවක් වන බැවින් හා රටේ සමස්ථ බලවේග ඒ වෙත යොමු කිරීම හරහා පමණක් විසඳිය හැක්කක් බව තම විශ්වාසය වන බවත් ඒ වෙනුවෙන් අද (20)  මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී වෘත්තීය සමිති නියෝජිත හමුවේදී තීන්දු තීරණ ගනුලැබූ බවද එම එකමුතුව සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න