දැන් ඇස්බැස්ටෝස්වලින් පිළිකා හැදීම නැවතිලාද? ආණ්ඩුවට ප්‍රශ්නයක්

දැන් ඇස්බැස්ටෝස්වලින් පිළිකා හැදීම නැවතිලාද? ආණ්ඩුවට ප්‍රශ්නයක්

පිළිකා කාරකයක් බව සඳහන් කරමින් ලබන වසරේ සිට තහනම් කිරීමට නියමිතව තිබු ඇස්බැස්ටෝස් තහනම 2017 දෙසැම්බර් 19 වනදා හකුලා ගැනීමට රජය තීරණය කළේ කවර පදනමකින්ද යන්න පැහැදිළි කිරීමට රජයට යුතුකමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි සභාපති රන්ජිත් විතානගේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් විමසා ඇත්තේ අදාළ තහනම හකුලාගත්තේ මේ වන විට ඇස්බැස්ටෝස් මඟින් පිළිකා ඇති නොවන නිසාද යන්නවත් පැහැදිළි කරගත යුතුව ඇති බවය.

එසේම මාධ්‍ය වාර්තා පළවන ආකාරයට ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරවීමට කුරුමිණියෙකුට හැකිවී ඇත්නම් අපේ රටට පාලකයන් කුමටද යන ප්‍රශ්නය පැනනගින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

තවද රුසියාවේ තේ තහනමට හේතුව මෙරට ඇස්බැස්ටෝස් තහනම් කිරීම නම් පොලිතින් තහනම සම්බන්ධවද එවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කළහොත් රජය එහිදී අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන සැකයක් මතුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න